ÆäÀÌÁö À̹ÌÁö
PDF
ePub

[Mr. S. D. Bandaranayake] තිබෙන අප ශ්‍රී ලංකාව ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය ආදී අධිරාජ්‍යවාදී ආණ්ඩු වලට විරුඬව සෝවියට් රුසියාව, චීනය, සහ ඉන්දියාව සමඟ එක් වී පළමුවරට ක්‍රියා කළ නිසා මේ රටේ සාමාන්‍ය ජනතාව පමණක් නොව ලෝකවාසි ජනතාවද පළමුවරට අප රටේ නිදහස් මහජන ආණ්ඩුවක් පිහිටුවා තිබෙන බව පිළිගත්හ.

එමෙන්ම මහජන එක්සත් පෙරමුණේ විදේශ ප්‍රතිපත්තිය වූයේත් යකඩ තිර සහ පොල් අතු තිර ඉවත් කොට සෝවියට් රුසියාව සහ මහජන චීනයත් සමඟ සම් පූර්ණ. තානාපති සබඳතා ඇති කිරීමත්, ඒ සමඟම අපගේ නිදහස පිළිගන්න, අප සමඟ මිත්‍රත්වයක් ඇති කර ගන්නට කැමති, සෑම රටක්ම සමඟම මිත්‍රත්වය දියුණු කර ගැනීමට ක්‍රියා මාර්ගයක් යෙද වීමත්ය.

එපමණක් නොවෙයි, මේ මහාජන රජය පිහිටුවා 6 මාසයකට පසු එංගලන්තයට ගිය අපේ ගරු අගමැති තුමා අපේ මාතෘ භූමියේ තිබෙන කටුනායක, ත්‍රිකුණාමලය ආදි තොටුපළවල් පිළිබඳව සාකච්ඡා කර ඒ තොටුපළවල් නැවත ලබා ගැනීමට සම් පූර්ණ සැලැස්මක් ඇතිකරගෙන තිබෙනවා. ඒ අනුව අධිරාජ්‍ය වාදින්ට ඔවුන්ගේ තෙල් ගබඩා ආදිය සම්පූර්ණයෙන්ම පිටතට ගැනීමට සිදුවෙනවා.· ඔවුන්ට ඒ තොටු පළවලින් සම්පූර්ණයෙන්ම පිටවන්නට සිදුවෙනවා. ඒ සැලැස්ම ඉතා වැදගත් එකක් හැටියට තමුන්නාන්සේ සලකනවා

අපේ ඒ විදේශීය ප්‍රතිපත්තිය ගැන සඳහන් කරනවිට විශෙෂයෙන් කිව යුත්තක් තිබෙනවා. එනම් ඊයේ සාම සම්මේලනයට පැමිණි 600 ක් පමණ වූ සාම නියෝ‍්ජිතයන්ගෙන් කීප දෙනකු මුණ ගැසීමට මට අවස්ථාව ලැබුනා, නොයෙක් රට වලින් පැමිණ සිටි ඒ නියෝජිතයන් පවා අපේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ඉතාමත් තදින් පැහැදී සිටිනවා. අපේ විදේශ ප්‍රතිපත්තිය ඉතාමත්ම ලක්ෂණට දක්ෂ ක්‍රියා මාර්ගයක් අනුව ගෙනයන බව

ඔවුන් පිළිගන්නවා. ඒ නිසා ගරු කථා නායක තුමනි, අවුරුදු 450 කට පසු—මේ මහාජන ආණ්ඩුව බලයට පැමිණ අවුරුද්ද කට පසු - මෙතෙක් තිබූ විදෙශ ප්‍රතිපත්ති යට වෙනස් සැලැස්මක් අනුව, වෙනස් පියවරක් ගෙන ක්‍රියා කිරීම ඉතා වැදගත් දෙයක් හැටියට තමුන්නාන්සේ පිළි ගන්නවා ඇත. එය එසේ පිළිගන්නා අතරම, අපේ ජාතික නිදහස උදෙසාත්, අපේ ආර්ථික නිදහස උදෙසත් ගෙන යන ක්‍රියා මාර්ගය විශාල වගකිවයුතු ප්‍රශ්නයක් හැටියට මේ මහාජන ආණ්ඩුව පමණක් නොව, මේ පාර්ලිමේන්තුවේ ප්‍රගිතිශීලි කණ්ඩායම් සිටිනවා නම් ඒ සෑම කණ්ඩා යමක්ම පිළිගතයුතු බව මා මේ අවස්ථාවේදී සඳහන් කරනවා.

අවුරුදු 450 කට පසු අපේ රට වැනි රටක ජාතික නිදහස උදෙසා, ආර්ථික නිදහස උදෙසා, නියම සැලැස්මක් ඇති කර ගැනීම ඉතාමත් අමාරු දෙයක් හැටියට කව්රුත් පිළිගන්නවා ඇති. විදේශීය රට වලින් පවා ආධාර ලබා ගෙන ජාතිවාදී සැලැස්මවල් අනුව ගෙන යන ජාතිවාදී ක්‍රියා මාර්ගයන් අද මේ රටේ දකින්නට ලැබෙන්නේ ඒ නිසයි. එය අමුතු දෙයක් නොවෙයි. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී මාර්‍ග අනුව, ඒ ජාති වාදී ක්‍රියාවන් සම්පූර්ණයෙන් නීතියෙන් තහනම් කිරීමට මේ මහාජන එක්සත් පෙරමුණු ආණ්ඩුව සූදානම් වන්නට ඕනෑ. එසේ නොමැති ජාතිවාදී සැලැස්මවල් වලට රටක්, ජනතාවක් යටත් වෙනවා නම් කිසිම දිනක ඒ රටේ සංවර්‍ධන සැලැස්මක් ගෙනයන්නට බැහැ. විශේ‍්ෂයෙන් අවුරුදු 450 කට පසු නිදහස ලැබූ මෙවැනි රටක ජනතාවගේ ආර්ථික ප්‍රශ්න විසඳීමට ක්‍රියා මාර්ගයක් ගෙනයාමට බැරි බව තමුන් නාන්සේලා කව්රුත් පිළිගන්නවා ඇති.

අවුරුදු 450 කට පසු මේ ජනතාවට භාෂාව, ආගම්, සංස්කෘතිය, සභ්‍යත්වය, කලාව දුන්නට මදී. ඒ සමගම ඔවුන්ට ජාතික නිදහසත්, ආර්ථික නිදහසත් දෙන් නට ඕනෑ. ඒ ජාතික නිදහස සහ ආර්ථික නිදහස සම්බන්ධ ප්‍රශ්නත් විසඳන්නට ඕනෑ.

මේ රටේ දුප්පත් කම නැති කර සමාජ * වාදය කරා යෑමට නම් ජාතිවාදය ඉවත් අකර සම්පූර්ණ ජනතාව එකතු විය යුතුය සයන ප්‍රශ්නය අද මතු වී තිබෙනවා. ඒ නිසා ජනතාවට තේරුම් ගන්නට බැරි වී තිබෙනවා. ප්‍රගතිශීලි කණ්ඩායම් අතරේ :තිබෙන අසමගිය. සමාජවාදී සැලැස් මක් අනුව දුප්පත් කම නැති කළ යුතුය කියා හැම ප්‍රගතිශීලි පක්ෂයම පිළිගන් නවා. එම නිසා මේ රජය ඉදිරියේ තිබෙන වගකීම ඉතා විශාලයි. රජය ඉඳිරියේ පමණක් නොව පාර්ලිමේන්තු වේ පෙනී සිටින සෑම ප්‍රගතිශීලි කොටස් ඉදිරියේ ඒ වගකීම තිබෙනවා. ප්‍රගතිශීලි කණ්ඩායම් එකතු වී පසුගිය අවුරුද්දේ | අප්‍රේල් 11 වැනි දා මේ සමාජවාදී සැලැස්ම ඇති කළා. ඒ සැලැස්ම ක්‍රියාත්මක කිරීමත් ඒ කණ්ඩායම් සතු වගකීම බව ඒ අය පිළිගන්නවා ඇති.

මා මීට වඩා කථා කිරීමට බලා පොරොත්තු වන්නේ නැහැ. කථානායක තුමනි, නමුත් මෙය පමණක් කියන්නට කැමතියි. මේ රටේ අපට තිබෙන විශාලම වස්තුව ජලයයි; විශෙෂයෙන්ම ගංගා ජලයයි. ඒ ගංගාවල ජලය සම්පූර්ණ ප්‍රයෝජනයට යොදා ගොවිතැන් දියුණු කිරිමට වැඩ පිළිවෙළක් මහජන එක් සත් පෙරමුණ සකස් කර තිබෙනවා. ගොවීන්ට ඉඩම් දීමේ සැලැස්මක්ද, ගොවිතැන් අනුව ආධාර දීමේ වැඩ පිළි වෙළක්ද සම්පාදනය කර ගෙන යනවා. ජල විදුලි බලය නිපදවා, එය දියුණු කර, ඒ බලය අමු ද්‍රව්‍ය සමග මිශ්‍ර කර කර්මාන්ත ආරම්භ කිරීමෙන් රක්ෂා නැති නිසා අවුරුදු ගණනක් තුළ දුප්පත් කමින් පෑගී සිටින ලක්‍ෂ ගණන් තරුණ-තරුණි

පුළුවන් වන්නේ කියා, ගරු කථානායක තුමනි, මා බැගෑපත්ව ඉදිරිපත් කිරීමට කැමතියි. විශාල වශයෙන් මේ සංවර් ධන ව්‍යාපාර ගෙන යාමට අද දවසේ නොහැකි වී තිබෙන්නේ ප්‍රගතිශීලි පක්‍ෂ අතරේ තිබෙන භේදයි. ධනේශ්වර සැලැස්ම නැති කිරීමට ප්‍රගතිශීලි කණ්ඩා යම් සියල්ලම එකතු වුණා. නමුත්, ඒ ධනේශ්වර සැලැස්මෙන් අප සම්පූර්ණ යෙන් වෙන් වී සමාජවාදී සැලැස්ම කරා ජනතාව ගෙන යෑමේ පරිශ්‍රමයේ දී ඒ කණ්ඩායම් එකතු නොවීම අද මහජනයා මුහුණ පා සිටින කනගාටුදායක ප්‍රශ්නය වී තිබෙනවා. ප්‍රගතිශීලි කණ්ඩායම් සියල්ල ජාති භෙද, කුල භේද, ආගම් භෙද පැත්ත කට තබා, එකතු වී උරෙනුර ගැටී ක්‍රියා නොකර ධනේශ්වර සැලැස්මේ සිට නියම සමාජවාදය කරා යා නොහැකි බව ප්‍රගති ශීලි කණ්ඩායම් පිළිගෙන තිබෙනවා.

එම නිසා, ගරු කථානායකතුමනි, අව සාන වශයෙන් මා තමුන්නාන්සේට් ඉදිරි පත් කරන්නේ මේ කරුණයි. පිසු ගිය අවුරුද්දේ වැඩ කරන ජනතාව, එනම් දුක් විදින ජනතාව, මහාජන එක්සත් පෙරමුණු ආණ්ඩුවටත්, අනිකුත් ප්‍රගති ශීලි කණ්ඩායම් වලටත් බාර දුන්නේ විශාල වගකීමකි. ඒ වගකීම නම්, මේ රටේ බලය නැවත වරක් ප්‍රතිගාමී කොටස් වලට යා නොදී නියම සමාජවාදි පියවරක් ගෙන ඉදිරියට ගමන් කිරීමයි. එබැවින් මහාජන ආණ්ඩුවට සම්පූර්ණ සහයෝගය නොදී සිටින ප්‍රගතිශීලි කොටස් අප සමග එක් වී, අප සමග උරෙන් උර ගැටී, මේ ප්‍රශ්න විසඳනු සඳහා සැලැස්මක් අනුව ඉස්සරහට යෑමේ ක්‍රියා මාර්ගයට ඒ කොටස්වල සහයෝගය දෙනවා ඇතැයි

යන්ට රැකී රක්ෂා සැපයීම අප ඉදිරියේ බලාපොරොත්තු වෙමින් මගේ කථාව අව

තිබෙන විශාලම ප්‍රශ්නයයි. ඒ නිසා මේ රටේ බැංකු, ඉන්ෂුවරන්ස් කොම්පැනි, විශාල වතු සම්පූර්ණයෙන් මහජන සන් තක කළ යුතුව තිබෙනවා. ඒ වෙළඳ ව්‍යාපාර සහ තේ, රබර් වතු ආදිය ජාතිය සතු කිරීමෙන් පමණක්, මෙරට ජනතාවගේ අඩුපාඩුකම් සහ දුප්පත් කම සම්පූර්ණයෙන් නැති කරන්නට

සාන කරමි.

Question proposed.

Resolved:

"That the Debate be now adjourned. " [Hon. C. P. de Silva.]

Debate to be resumed on Monday, 17th June.

[blocks in formation]
[blocks in formation]

PRINTED AT THE GOVERNMENT PRESS, CEYLON Annual Subscription Rs. 28.50 (Uncorrected copies Rs. 31.50) and each part 30 cents, by post 36 cents, payable in advance to the SUPERINTENDENT, GOVERNMENT PUBLICATIONS BUREAU, POST OFFICE BOX 500, Secretariat. Colombo 1.

« ÀÌÀü°è¼Ó »