페이지 이미지
PDF
ePub
[blocks in formation]

-දෙවන වර කියවීම

1970 මහා මැතිවරණයේ දීයි. ඒ අයට වයස අවුරුදු 18 සම්පූර්ණ වුණේ 1966 ට පසුවයි. ඒ නිසා 1970 මැතිවරණයට පෙර පැවැත්වුණු මැතිවරණවලදී ඒ අයට

ඡන්දය පාවිච්චි කරන් නට පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඊළඟ මහා මැතිවරණය පවත්වන්නට බලාපොරොත්තු වන්නේ 1978 දී බව පේනවා. ඒ මැතිවරණයේ දී අද මේ ගරු සභාවේ සිටින සිටින හුඟ දෙනකුගේ මුණුපුරාලා සහ මිණිපිරීලා ඡන්දය පාවිච්චි කරනවා ඇති. ඒ තරුණ ඡන්දදායකයන්ට අපි මොන අනාගතයක් ද පොරොන්දු වෙන්නෙ? " අදට වඩා හෙට හොඳයි; හෙටට වඩා අනිද්දා හො ඳයි, " කියා අපට ඒ තරුණ ඡන්දදායක යන්ට කියන්නට පුළුවන්ද? එහෙම නැත්නම් " අද වගේ තමුන් නාන්සේලා ගේ තත්ත්වය අවුරුදු පතා තවත් හීන වෙනවා; රැකී රක්ෂා ප්‍රශ්නය උග්‍ර වෙනවා; ජීවන වියදම වැඩි වෙනවා; ප්‍රජාතන්ත්‍රවාදී නිදහස නැති වෙනවා ” යයි අපි කියන්නට බලාපොරොතු වෙනවාද ?

අපි ගත වූ අවුරුදු 25 තිස් සේ කෝලා හල කරමින් අනුගමනය කළ සමාජ වාදය, ධන වාදය, ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රජාතන්ත්‍ර සමාජවාදය ගැන වර්තමාන තරුණ පරම් පරාව දරන මතය ගැන අපි කල්පනා කර බලමු. රුසියාවට ලැදිව, ඇමෙරිකාවට ලැදිව, චීනයට ලැදිව අප ගෙන ගිය ව්‍යාපාර හා ප්‍රතිපත් තිවලට අද තරුණයන් සම්පූර්ණයෙන් විරුද්ධයි. අපි කල්පනා කරන කිසිම වාදයක් හොඳ යයි ඒ අය කල්පනා කරන්නෙ නැහැ. තමන්ට දවල් කෑම අඩු මිළට ලැබෙනවා නම්, රක්ෂා වක් ලැබෙනවා නම්, තමන් පාරේ ඇවිදින විට රජයෙන් ඇවිත් හිර භාරයට නො ගන්නවා නම්, හිර භාරයට ගෙන ඇතැම් අයට වෙඩි නොතබනවා නම්, ඒ අයට මොන වාදයක් වුණත් හොඳයි.

ගරු කථානායකතුමනි, ආණ්ඩු පක්ෂ යේ

පිටුපස පෙළේ සිටින මන්ත්‍රීවරුන් ගරු මුදල් ඇමතිතුමාගේ අයවැය ලේඛ

විසර්ජන පනත් කෙටුම්පත, 1971-72 ඉදිරිපත් කිරීම නිසා තමයි, යෝජනා කිප යක් අස් කර ගන්නට මුදල් ඇමතිතුමාට සිදු වුණේ. තම කොට්ඨාශවල තිබෙන තත්ත්වය ඒ මන්ත්‍රීවරුන් දන්නවා. මේ අයවැය යෝජනා වෙනස් කරවා නොගෙන තම කොට්ඨාශවලට යන්නට අමාරු බව ඒ මන්ත්‍රීවරුන් දන්නවා. මහජනයා කල් පනා කරන්නෙ එහෙමයි. මහජනයා හො යන්නේ අඩු මිළට ආහාර, වැඩිපුර රැකී රක්ෂා සහ සාමකාමීව ජීවත්වීමයි. ඒ කාරණා අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් කළ ඉල්ලීම් උඩ මුදල් ඇමතිතුමා අයවැය ලේඛනයේ වෙනස්කම් රාශියක් ඇති කළා. එහෙත් එය පුහු ජයග්‍රහණයක්.

එය පුහු ජයග්‍රහණයක් යයි මා කියන් වන ඇයි ? අද තිබෙන වැදගත් ප්‍රශ්න වන රට සංවර්ධනය කිරීමේ ප්‍රශ්නයත්, විදේශ විනිමය හිඟ ප්‍රශ්නයත් යන දෙක ටම මුදල් ඇමතිතුමාගේ පළමුවෙනි අය වැය ලේඛනයෙන්වත්, සභානායකතුමා ප්‍රකාශ කළ දෙවෙනි අයවැය ලේඛන යෙන්වත් දෙකෙන්ම කිසිම ප්‍රතිකර්මයක් යෙදී නැහැ; තවත් උග්‍ර වුණා විතරයි. විදේශ විනිමය පිළිබඳ වචනයක්වත් පළමුවෙනි අයවැය ලේඛනයේවත්, දෙ වෙනි අය වැය ලේඛනයේවත් අඩංගු වී නැහැ. මේ ජාතික ආර්ථික ක්‍රමයේ තිබෙන ලෙඩේ කුමක්දැයි දේශපාලන පක්ෂ හා දේශපාලන නායකයන් හුඟ දෙනෙක් දන්නවා. එහෙත් අපි එක එක් කතා පොරකනවා මිස ලෙඩේට නියම ප්‍රතිකාරය කරන් න්නෙ නැහැ. හුනියම් කර නවා, නූල් බඳිනවා, නොයෙක් වෙදකම් කරනවා මිස නිසි බෙහෙත් දෙන්නෙ නැහැ; නැත්නම් නිසි ශල්‍ය කර්මය කරන් න නැහැ. ශල්‍ය කර්මය කළොත් මුලින් ටිකක් දුක් විඳින්න සිදු වුණත් ලෙඩේ සම්පූර්ණයෙන්ම සුව වෙනවා. එහෙම නොකර හැම දේශපාලන පක්ෂයක‍්ම නූල් බඳිනව; ඔරසන් කියනවා; ඔබින් ත් නැති වෙදකම් කරනවා.

මේ රටේ ආර්ථික ප්‍රශ්න විසඳා ගන්නට නම් දීර්ඝ කාලීන සැලැස්මක් අනුව කට යුතු කරන්නට ඕනෑ.සංවර්ධන ව්‍යාපාර රාශියක් ආරම්භ කරන්නට ඕනෑ. එය කවුරුත් පිළිගෙන අවසානයි. දීර්ඝකාලීන සැලැස්ම අනුවයි ඒ. කෙටි කාලීන

-දෙවන වර කියවීම පොරොත්තු වෙනවා නම් ඉක්මණින් කිසිම සංවර්ධනයක් කරන්නට බැහැ. කිසිම බඩු නිෂ්පාදනයක් කරන්නටත් බැහැ. මේ රටේ අවුරුදු පහළොවක් විස් සක් තිස්සේ අවුරුදුපතා උග්‍ර වෙමින් පවත්නා විදේශ විනිමය හිඟය සම්පූර්ණ යෙන්ම විසඳන්නට ඕනෑ. එ නිසා ගරු මුදල් ඇමතිතුමා ඉදිරිපත් කර තිබෙන මේ අයවැය ලේඛනයේ මේ කාරණා ගැන මොන අදහස් ප්‍රකාශ කර තිබෙනවාදැයි දැන් අපි සෝදිසි කර බලමු.

ගරු මුදල් ඇමතිතුමා ලංකාවේ ජාතික

ආර්ථික ක්‍රමය ගැන පොතක් අපට ඉදිරි

පත් කළා. එතුමාගේ බලාපොරොත්තුව කුමක්දැයි ඒ පොතෙන් අපට පැහැදිලි වෙනවා. ඒ පොත කියවාගෙන යන කෙන කුට යම් යම් වැදගත් කරුණු රාශියක් දැනගන්නට ලැබෙනවා. 1960 ටත්, 1970 ටත් අතර ගත වූ අවුරුදු දහය තුළ ඇතැම් දේවල් දියුණු වූ බවත් ඇතැම් දේ වුව මනා විධියට සහ සෑහෙන විධියට දියුණු

නොවූ බවත් එතුමා කියා තිබෙනවා. අදහස ඉංග්‍රීසියෙන් කියා තිබෙන්නේ මෙහෙමයි. මම දැන් ඒ කොටස කියවන් නම්. මෙන්න ඒ වචන ස්වල්පය :

"The growth rate of the economy of Ceylon in the last decade has been low; මම විස්තර කියවනන්නේ නැහැ. ඒක තමයි පළමුවැනි ලෙඩේ. ඊළඟට දියුණු වූ අංශ මොනවාදැයි සඳහන් කර තිබෙනවා. මම දැන් ඒ කොටසත් ඒ කොටසත් කියවන්නම්. මෙන්න ඒ කොටස :

“ Construction, Electricity, Banking and Insurance. The Manufacturing sector's growth rate was also relatively high,

....Agriculture, which accounts for approximately 37 per cent of the Gross National Product and is therefore the largest contributor, registered a growth rate of only 3 per cent, with export agriculture growing at a rate as low as 1 per cent.

ප්‍රසිද්ධ වැඩ කටයුතු, විදුලි බලය. බැංකු සහ රක්ෂණ ගැන එහි මුලින්ම සඳහන් වෙනවා. බඩු මුට්ටු සෑදීමත් දියුණු වූ බව කියන එතුමා කෘෂිකර්මය පිළිබඳ සංවර් ධනය ටිකක් අඩු බවත් කියනවා. අනෙක් ඒවා නම් ටිකක් හොඳයයි එතුමා කියා තිබෙනවා. එහෙම නම් ගත වූ අවුරුදු දහය තුළ ඇති වූ තත්ත්වය ගැන සලකන්නට

[merged small][ocr errors][merged small][merged small][ocr errors][merged small][merged small][merged small][ocr errors][merged small]

-දෙවන වර කියවීම

කින්. එනම් සමාජවාදී පාලන විධියකින්; කම්කරු සේවක මණ්ඩල පත් කිරීමේ ක්‍රමයකින්. මම දන්නෙ නැහැ, එය හරි යාද නැද්ද කියා. නමුත් මම ප්‍රාර්ථනා කර නවා ඒක සඵල වේවා කියා.

රාජ්‍ය සංස්ථා වල නිෂ්පාදන කාර්යය සාර්ථක කර ගැනීමට අලුත් මාර්ගයකින්, අලුත් පාලන ක්‍රමයකින්, සමාජවාදී පාලන යකින් නොහොත් සංස්ථාව සම්පූර්ණ යෙන්ම සේවකයන්ට භාර දී පාලනය කිරීමෙන් පුළුවන්ය කියා එතුමා කලපනා කරනවා. මම ඒ ගැන පසුව වචනයක් දෙකක් මතක් කරන්නම්. එහෙම නම් කථානායකතුමනි, මුදල් ඇමතිතුමාගේ කල්පනාවේ හැටියට, විභාගයේ හැටියට, 1960-1970 අතර දස වස් යුගයේ දී අපේ සංවර්ධනය දියුණු වූයේ ඉතාම හෙමින් බව අපට පැහැදිලියි. ජනගහනය වැඩි වන විධියට සංවර්ධනය කරා ගමන් කිරීම මදි ඒ නිසා තමයි මේ රටේ සියලුම කරදර ඇති වූණේ. ඒ නිසා තමයි රැකී රක්ෂ නැති ප්‍රශ්නය උග්‍ර වුණේ. ඒ නිසා තමයි බඩු මුට්ටු හිඟ වුණේ. සංවර්ධනයත් ජන ගහනය වැඩි වීමත් එකට ගමන් කෙළේ නැහැ. ජනගහනය වැඩි වී තිබෙනවා. සං වර්ධනය අඩු වී තිබෙනවා. ඒකට හේතුව මොකක්ද? එකක් නම් මුදල් ඉතිරි කර නවා මදි. මුදල් ඉතිරි කළ යුත්තේ ස් ස්වේච්ඡා මුදල් ඉතිරි කිරීමේ ව්‍යාපාරයක් යටතේයි. ඒ වාගේම සංස්ථා වලින් සිදු නොවෙයි. වුණේ මුදල් ඉතිරි කිරීමක් ලාභයක් නැනම් ඉතිරි කිරීමටත් මුදල් නැහැ. අපි පිළිගන්නවා එ සංස්ථා නියම විධියට නිෂ්පාදනයක් ඇති කර නැත කියා. එහි නියම විධියට නිෂ්පාදනයක් ඇති කරන්න ඕනෑ. ඒ සංස්ථා ඇති කරන් නට කොපමණ විශාල මුදලක් වියදම් කර

ඒ සංවර්ධන වැඩවලින් ඇති වන ප්‍රති තිබෙනවාද කියා අපි කල්පනා කරන්න

ඵල ඉතාමත්ම අඩුයි. විශේෂයෙන්ම සංස්ථා මාර්ගයෙන් ඇති වන ප්‍රතිඵල ඉතා මත්ම අඩු වෙනවා. එතුමා සමාජවාදියෙක් නිසා, රාජ්‍ය සංස්ථා මාර්ගයෙන් ඇති වන ප්‍රතිඵල ඉතාමත්ම අඩු වීම ගැන කනගාටු වෙනවා. අනාගතයේ දී සංවර්ධනය ගැන කල්පනා කරනවා නම් අපි මේ කාරණාව ගැන ටිකක් කල්පනා කර බැලිය යුතුයි. රාජ්‍ය සංස්ථා මාර්ගයෙන් ඇති වන නිෂ් පාදනය වැඩි කරගන්නට එතුමා බලා

ඕනෑ. දැන් ඒවායේ පාලනය සේවකයන් ගේ පාලනයක් අනුව කරන්න බලාපො රොත්තු වෙනවා. හොඳයි, මේ රටේ තිබෙන ප්‍රශ්න විසඳන්නට නම් රට දියුණු කරන්න ඕනෑ; ආර්ථික තත්ත්වය දියුණු කරන්න ඕනෑ; නිෂ්පාදනය වැඩි කරන්න ඕනෑ ;සංවර්ධනය කරන්නට ඕනෑ.

' සංවර්ධනය ” කියන වචනය අපි දන් නවා නිකම්ම වචනය පමණක් බව. නමුත්

-දෙවන වර කියවීම

සම්බන්ධ කර දියුණු කරන්නට, ඒ වායින් ආධාර උපකාර ලබා ගන්නට මුදල් ඇමති තුමාගේ බලාපොරොත් තුවක් තිබෙනවාද? මා හිතන්නෙ එතුමා තුළ එහෙම අදහසක් තිබෙන බවයි. කෙසේ වෙතත් මෙම අය වැය ලේඛනයෙන් එබන්දක් කරන්න බලාපොරොත් තුවක් තිබෙනවාදැයි අපි විමසා බලමු.

විසර්ජන පනත් කෙටුම්පත, 1971-72 වෙන් හෝ පෞද්ගලික අංශයෙන් හෝ නැත්නම් දෙකම එකතු වීමෙන් හෝ එය ක්‍රියාත්මක කරනවා නම්—ඒ සඳහා මුදල් අවශ්‍යයි. මූලික මුදලක්, ප්‍රාග් ධනයක් වුවමනා කරනවා; " කැපිටල් පෝමේෂන් " වුවමනා කරනවා. මුදල් නැතිව කිසිම දෙයක් කරන්න බැහැ. ඒ නිසා එ සඳහා අපි කොහෙන්ද මුදල් සොයා ගන්නේ? සංවර්ධනය කියන්නේ මුදල් එක්කාස කිරීම. ඒ මූලික ධනය ඇති කෙරෙන්නේ පිළිවෙළවල් දෙකකින් ; මාර්ග දෙකකින් ඒකත් මුදල් ඇමතිතුමාගේ පොත්වල සඳ හත් වී තිබෙනවා. එනම් ලාබයෙන් හෝ පෞද්ගලික ඉතිරි කිරීමෙන්, ස් වේච්ඡා ඉතිරි කිරීමෙන්. මේ වෙලාවෙ රාජ්‍ය අංශය ගැන මම කථා කරන්න යන් නෙ නැහැ, එතුමා කී නිසා. රාජ්‍ය අංශයෙන් අපට ලැබි ලත් නැහැ ; ලැබේවි කියා බලාපොරොත්තු වන්නෙත් නැහැ. තව ටික කලක් යන තුරු, අලුත් පාලනයක් ඇති කරන තුරු මුදල් ඉතිරි කිරීමක් හෝ ලාභයක් ලැබේවි කියා අපට බලාපොරොත්තු වෙන්න බැහැ. නමුත් ඒ අලුත් පාලනයෙන් මීට වඩා අමාරු තත්ත්වයක් ඇති වේවිද දන්නෙ නැහැ. මෙය අත්හදා බැලීමක් පමණයි. එසේ නම් අද මුදල් ඉතිරි කිරීමක් ලාභයක් බලාපොරොත්තු වන්නට තිබෙන් ක් පෞද්ගලික අංශයෙන්. එකයි මුදල් ඇමතිතුමාගේ කථාවෙන් කියන්නෙ.

රාජ්‍ය සංස්ථා තිබෙනවා. පසුගිය අවුරුදු දහය තුළ ක්‍රියා කර ඇති පිළිවෙළට වඩා හොඳින් ක්‍රියා කර ගෙන ගියත් අපට වුව මනා කරන මුදල් ලබා ගන්න පුළුවන් වේ යයි බලාපොරොත්තුවක් තබන බැහැ. ඒ සමගම පෞද්ගලික අංශයේ ආයතන— කුඩා සහ විශාල ආයතන—දෙදහස් ජන සියයක් පමණ තිබෙනවා. මෙතෙක් කල් මූලික ධනය සොයා ගත්තේ මෙම ආය තන දෙදහස් පන්සියයෙන්. එහෙනම් මම පෞද්ගලික අංශයේ ආයතන දෙද පස් පන්සියයත්, තවත් ඒඒවාත් එකට

හෝ

[blocks in formation]
[merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][ocr errors][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][merged small][ocr errors][ocr errors][merged small]

-දෙවන වර කියවීම

+Rs. 2.197m.

- Rs. 264m.

« 이전계속 »