페이지 이미지
PDF
ePub

විසර්ජන පනත් කෙටුම්පත, 1971-72

වැඩි වුණ ගණනක්. වෙනත් විදියකින් කිය තොත් සියයට 4.1 කින් වැඩි වීමක්.මෙය ඒ මිළ මට්ටම අනුව 1969 දී වැඩි වු දළ ජාතික නිෂ්පාදිතය වැඩි වීමේ පරිමාණය වන සියයට 5.1 හා සසඳා බැලිය යුතුය. එහෙත් 1970 දී ජනගහණය සියයට 2.1 කින් වැඩි වූවා සේ සලකා ගණන් බලන කල, ජනගහනය අනුව පුද්ගලයකුගෙන් සිදු වන නිෂ්පාදනය වැඩි වී ඇත්තේ රුපි

යල් 15 කින් පමණයි ; නැත්නම් සියයට 2 කින්.

වෙතැයි

1970 වර්ධන පරිමාණයේ අඩු වීම නිසා පිළිබිඹු වන්නේ කෘෂිකාර්මික අංශය හැරෙන්නට කාර්මික නිෂ්පාදන, ඉදි කිරීම් හා සේවා අංශවල බලාපොරොත්තු වූ අඩු වීමක්. 1970 කාර්මික නිෂ්පාදන අංශයේ වර්ධන පරිමාණය සියයට 7ක් ඇස්තමේන්තු කළත් ඊට පෙර අවුරුද්දේ එය සියයට 11 ක් වූවා. 1970 දී වර්ධන පරිමාණය අඩු වීමට මූලික හේතුව රජයේ හා පෞද්ගලික යන අංශ දෙකටම සෑහෙන තරම් අමු ද්‍රව්‍ය ලබා ගැනීමට නොහැකි වීමයි. ඊට හේතු වූයේ මා ගිය අවුරුද් ද්දේ සඳහන් කළ පරිදි පැවති ඉතා දරුණු විදේශ විනිමය තත්ත්වයයි. ඒ ගැන වැඩි විස්තර මා පසුව කරන් නම්, ජනසතු කාර් මික සංයුක්ත මණ්ඩලවල සම්පූර්ණ ශක් තිය වඩ වඩාත් ප්‍රයෝජනයට ගැනීමෙන් හා වඩාත් දක්‍ෂ පාලනයක් ඇති කිරීමෙන් - කර්මාන්ත හා විද්‍යා කටයුතු පිළිබඳ ගරු ඇමතිතුමා මේ ගැන සතුටු වේවි.-වෙනදාට වඩා නිෂ්පාදන පරිමාණයන් ඇති කර තිබියදීත් 1970 කාර්මික අංශයේ වර්ධන පරිමාණය අඩු වූ බව අවබෝධ කර ගත් විට මෙහි සඳහන් කරන අඩු වීමේ නියම අර්ථය නිසි ලෙස මැන පුළුවන්.

ගැනීමට

ඉදි කිරීම් අංශයේ වර්ධන පරිමාණය ඊට පෙර අවුරුද්දට වඩා සුළු ප්‍රමාණයකින් අඩු වී ඇතත්, එය උසස් මට්ටමක පැව තුනා. (එම අවුරුද්දේ එම අංශයේ වර් ධන පරිමාණය සියයට 15.1 ක් වූ අතර, ඊට පෙර අවුරුද්දේ සියයට 16.5 ක් විය.) මේ වර්‍ධන පරිමාණය ඉහළ අංකයක තිබීම රජයේ හා පුද්ගලික යන අංශ දෙක

[blocks in formation]

ගමනා පරිමාණයන

ගමන කටයුතු වල වර්ධන කුඩා වූ නමුදු ලංගමයත්, දුම්රියත් මගින් ගමන් කළ මගීන්ගේ ගණන සෑගෙන අන්දමින් වැඩි වූවා.

ගරු කථානායකතුමනි, 1970 දී වර්ධන පරිමාණය වැඩි වූ එකම අංශය කෘෂිකර් මය බැව් මා කලින් සඳහන් කළා ඔබට මතක ඇති. 1969 දී එම අංශයේ වර්ධන පරිමාණය සියයට එකක් වූ අතර, 1970 දී සියයට 3.6 ක් විය. කෘෂිකාර්මික නිෂ්පා දන අපේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 1/3 කට වැඩි කොටසක් වන බැවින මේ වර්ධනය ඉතා සතුටුදායක දෙයක්. මේ අශංයෙ වර්ධන පරිමාණයේ ඉතා සුළු බැස්මක් වුවත් එය දළ ජාතික නිෂ්පාදි තය කෙරෙහි සෑහෙන අන්දමින් බල පානවා. මේ අංශයේ වර්ධන පරිමාණය වැඩිවීමට හේතු වූයේ, වී, අමතර ආහාර ද්‍රව්‍ය හා රබර් වගාව වැඩිවීමයි.

1970 දී ලැබෙනු ඇතැයි ඇස් තමේන්තු කළ වී ප්‍රමාණය බුසල් 7 කෝටි 70 ලක්ෂ යයි. එය ඇත්තෙන්ම බුසල් එක් කෝටි දස ලක් ෂයක, නැත්නම් සියයට 17 ක වැඩිවිමක්.ඒ අතරම අතිරේක ආහාර ද්‍රව්‍යවල වටිනාකම සියයට 26 කින් වැඩි

වුණා. මේ වැඩිවීම විශේෂයෙන්ම ගම්මිරිස්, මිරිස්, අල හා රතුළුෑනු යන වගාවන් කෙරෙහි දක්නට ලැබුණා. රබර් නිෂ්පාද නය සියයට 5 කින් වැඩි විය. ඊට හේතුව අළුතින් වගා කරන ලද රබර් වතු ඵල දායක වීමයි. අනික් අතට තේ හා පොල් වගාවන්, විශේෂයෙන්ම තේ වගාව ඉතා අසතුටුදායක වූවා. 1965 සිටම පැවතීගෙන ආ තේ නිෂ්පාදනයේ බැසීම තවදුරටත් පවත්නා බැව් 1970 තේ නිෂ්පාදනය 1969 නිෂ්පාදනය හා සසඳා බලන කල සියයට 3 ක අඩුවීම නිසා පෙනී යනවා.

විසර්ජන පනත් කෙටුම්පත, 1971-72 [ගරු ආචාර්ය එන්. එම්. පෙරේරා] අඩු වී ඇතේ ලා දළු කැඩීම හා පෝර අඩුවෙන් දැමීම නිසා බව කිව හැකියි. පොල් ගෙඩි 244 කෝටි 70 ලක්ෂයක් බලාපොරොත්තු වූ අතර එහි නිෂ්පාදන ප්‍රමාණය 1970 දී වැඩි වුනේ සියයට 1 ටත් අඩු ප්‍රමාණයකින්. පොල් නිෂ්පාදනය ඇනහිටින තරම් තත්ත්වයකට මුණ පෑමට ප්‍රධාන හේතූන් වූයේ, පැවති අසතුටුදායක කාල ගුණය, පොල් යළි වගා කිරීමේ සතුටුදායක වැඩ පිළිවෙළක් වීම හා පෝර අඩුවෙන් යෙදීමයි.

යක

25

නො

ආනයන අපනයන වෙළඳාමේ ඇති වැද ගත්කම නිසා 1970 ජාතික ආදායම් මට්ටම තීරණය කිරීමේදී වෙළඳ ගෙවීම් ශේ ෂ යෙන් සිදුවන වෙනස්කම් අනුව බලා පොරොත්තු වන දළ ජාතික නිෂ්පාදිතයේ · වෙනස්කම් කිරීමට සිදු වේ. එම අවුරුද් දේ දී ලංකාවේ වෙළඳ ගෙවීම් ශේෂය සිය යට 4කින් අඩු විය. එම අසතුටුදායක අඩු වීම නිසා ලංකාවට විඳින්නට සිදු වූ ආදායම් පාඩුව රුපියල් 90 කෝටි 30 ලක්ෂයක් පමණ වෙනවා. එය අපේ දළ ජාතික නිෂ් පාදිතයෙන් සියයට 40ක්. 1959 දී පැවති මිළ මට්ටම් හා 1970 පැවති මිළ මට්ටම් අනුව සලකා බලන කල අපට තේ වලින් රුපියල් " 57 කෝටි 60 ලක්ෂ පාඩුවක්ද, රබර්වලින් රුපියල් කෝටි 30 ලක් ෂයක පාඩු වක්ද, පොල් නිෂ්පාදනවලින් රුපියල් 4 කෝටියක පාඩුවක්ද, අනිකුත් නිෂ් පාදන වලින් රුපියල් 3 කෝටි 40 ලක්ෂ යක පාඩුවක්ද විඳින්නට සිදු වූ බව පෙනී යයි. අපේ ගෙවීම් ශෙෂය සතුටුදායක ශේෂය සතුටුදායක තත්ත්වයකට පත් කර ගැනීම සඳහා මෙ රටට ගෙන්වන බඩු ප්‍රමාණය අඩු කිරීමෙන් කරන උත් සාහයන් ආනයන භාණ්ඩ මිළ වැඩිවීම නිසා නිෂ්ප්‍රභ වන බව සලකා බලන විට, ඉහතින් විස්තර කළ අසතුටු දායක වෙළඳ තත්ත්වය නිසා අපට බඩු ගෙන්වීමට ඇති ශක්ති ප්‍රමාණයට ඇති වන හානිය මැන ගන්නට පුළුවනි. දියුණ වන රටවල පවත්නා උද්ධමන හැඩ ගැසීම නිසා අමු ද්‍රව්‍යවල හා කාර්මික නිෂ්පාදන වල මිළ වැඩි වන්නට බලයි. මේ

නිසා

මෙරටට ගෙන්වූ බඩු ප්‍රමාණය සීමා කළත් ඒවාට වැය වන විනිමය සෑහෙන

- දෙවන වර කියවීම

ගරු කථානායකතුමනි, රඳා පවත් නු මිළ මට්ටම අනුව 1971 දී දළ ජාතික නිපු පාදිතය සියයට 5කින් වැඩි වනු ඇතැදි බලාපොරොත්තු වුණු බව මගේ පසුගි අය වැය ලේඛනයෙන් මා ප්‍රකාශ ක ත්‍රස්තවාදී ව්‍යාපාරය ආරම්භ වීමත්, එය ආර්ථිකයේ සියලුම අංශ කෙරේ බලපෑමත් ඒවා නානා ප්‍රමාණයට කඩාකප්පල් වීමත් නිසා මේ අවුරුද්දේ අපේ ආර්ථික ජීවය අඩපණ වුණා. විශේෂයෙන්ම කෘෂි කාර්මික අංශයේ වර්ධන පරිමාණය අවුරුද්දේ දී 1970 ට වඩා අඩු වෙනවා ඇති මීට මූලික හේතුව දේශීය කෘෂිකාර්මික අංශය දැක් වූ දුබලතාවයි. අපනයන කෘෂි කාර්මික අංශයද පසුගිය අවුරුද්දට වඩා සතුටුදායක ප්‍රතිඵල ලබනු ඇතැයි බලා පොරොත්තු වන්නට බෑ. ඉදි කිරීම් අංශ යේ වැඩ කටයුතු ගිය අවුරුද්දට ‚ වඩා අඩු වනු ඇතැයි බලාපොරොත්තු වන අතර, කාර්මික නිෂ්පාදන අංශය ගිය අවු රුද්දට වඩා ඉතා සුළු වශයෙන් පමණක් සතුටුදායක ප්‍රතිඵල ලබනු ඇතැයි බලා පොරොත්තු වන්නට පුළුවන්. මේ අංශ දෙකේ වර්ධන ප්‍රමාණයේ අඩු වීමට මූලික හේතුව වී ඇත්තේ අමු ද්‍රව්‍ය ලැබිය හැකි ප්‍රමාණය අඩු වීමයි. ලබාගත හැකි අමු ද්‍රව්‍ය අඩු වීමට ප්‍රධාන හේතුව අවුරුද්ද තිස් සේම අප මුහුණ පා සිටි ඉතා දරුණු විදේශ විනිමය තත්ත්වයයි. මේ සියලුම කරුණු සලකා බලා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් අවුරුද්ද මැදදී සකස් කර සංඛ්‍යා ලේඛන අනුව, රඳා පවත්නා මිළ මට්ටම ගැන බලන කල 1971 දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධිතය සියයට 1ක් පමණ වනු ඇතැයි පෙනී යනවා. පසුගිය අවුරුද් දේ දී අප බලාපොරොත්තු වූ වර්ධන ප්‍රමා ණය අනුව අපට ලැබෙන්නට තිබුණ ආදා යම මේ නිසා රුපියල් 40 කෝටියකින් පමණ අඩු වන බව කිය හැකියි. 1970 දී ජනගහනය සියයට 2.2කින් වැඩි වූවා යයි ගණන් ගෙන බැලුවොත් මේ අවුරුද් ද්දේ ජනගහණය අනුව පුද්ගලයකු ලබන ආදා යම් මට්ටමේ වර්ධනය සියයට 1කින් සෘණ වෙනවා ඇත.

ඇති

[blocks in formation]

- දෙවන වර කියවීම

එම නිසා මෙය නොකියවුවාට හැන්සාඩ් වාර්තාවේ පළ කරන් නට තමුන්නාන්සේ ගේත් මේ ගරු සභාවේත් අවසරය දෙනවා නම් අපට කාලය සෑහෙන ප්‍රමාණයක් අඩු කර ගන්නට පුළුවනි.

කථානායකතුමා

විසර්ජන පනත් කෙටුම්පත, 1971-72 ආර්ථිකය ඇනහිටි අන්දමත් ගෙන මැන බලන කල වර්ධන පරිමාණය 1971 අවුරුද් දේ ගණන් ගත නො හැකි තරම් එකක් වීම ගැන පුදුම වන්නට බෑ. ඒ කාලය තුළදී ආණ්ඩු යන්ත්‍රය පමණක් නොව මුළු මහත් ආර්ථිකයම එක තැන ඇන හිටියා. දෙපාර්තමේන්තුවල වැඩ කටයුතු නැවතුන අතර, කාර්මික ආයතන වසා දමනු ලැබුවා. කර්මාන්ත ශාලාවලට විශාල හානියක් කළ අතර, වී අස් වැන්න කපා ගැනීමටත්, කපා ගත් අස්වැන්න එකතු කිරීමටත් හැකි විය. සංචාරක ව්‍යාපාරය යළි හොඳ කලක් එනතුරු විශ්‍රාම ගත්තා. පොලිස් ස්ථාන, සමුපකාර සමිති හා තැපැල් කන් තෝරු කඩා බිඳ මංකොල්ල කෑවා. බස් හා ලොරි ආදිය ද, ඇතුළු මෝටර් රථ වාහන විනාශ කළා. ගෙවල ගණනාවක ගිණිබත් කළා. තුන් හාර මාසයක් තිස්සේ රටේ පැවති ප්‍රතිවිප්ලවය ගත් මාර්ගය

අන්න ඒකයි. රට සාමාන්‍ය තත්ත්වයට

පත්වීම කෙරෙන්නේ ඉතා හෙමින්. ඇඳිරි නීතිය තවමත් කොළඹ දිස්ත්‍රික් ක්කයේ රාත්‍රි 11 සිට අළුයම 4 දක්වා බල පවත් වනවා. හිතා මතා කළ මේ දරුණු අපරාධය කාරී බාධකයන්ට වන්දි ගෙවන්නට අප සියළු දෙනාටම සිදු වී තිබේ. මේ හේතුවක් කාර විනාශය නිසා රට වඩාත් දුප්පත් වූවා. 1972 දළ ජාතික නිෂ්පාදනයේ වර් ධන ප්‍රමාණය 1971 ට වඩා එතරම් වෙනස් වන්නේ නැහැ. වර්තමාන හැඩ ගැසීම් දිගටම පැවතුනොත් ආර්ථිකය පුළුල් වීමට ඇති ප්‍රධාන බාධකය මේ අවුරුද්දේත්, මීට පෙරත් අප මුහුණ පා සිටින ගෙවීම්

ශෙ ෂයේ හිඟයයි. 1972 දී අප අපනයනය ශක්තිය 1971 ට වඩා අඩු වෙතැයි ගණන් බලා තිබෙනවා. මේ තත්ත්වය නිවැරදි කළ හැක්කේ තීන්දු කරගත් ඉලක්ක යන් සනාථවීම සහතික කරන සැලැස් මක් යොදා ගැනීමෙන්. පසුව මේ ගැන වැඩි විස්තර ඉදිරිපත් කරන් නම්. අතීතයේදී කළාක් මෙන්‍් පිරිසිදු දර්ශනයක් හා පැහැ දිලි අරමුණක් නො මැතිව කටයුතු කිරීම අනතුරු වැළැඳ ගැනීමක් බව පමණක් ප්‍රකාශ කිරීම මේ අවස්ථාවට සෑහෙනවා. ගරු කථානායකතුමනි, මීළඟට තිබෙන විදේශීය වෙළඳාම හා ගෙවීම් සහ මුල්‍ය හැඩගැසීම් පිළිබඳ කොටස් කීපය කියවී මෙන් මේ අවස්ථාවේදී එතරම් ප්‍රයෝජන

නො

[ocr errors]

(ELN AS TTh ust) (Mr. Speaker)

Allowed.

ගරු ආචාර්ය එන්.එම්. පෙරේරා
(wrrau wdr Á වූ .... b. LGuqr)
(The Hon. Dr. N. M. Perera)

විදේශීය වෙළඳාම හා ගෙවීම්

කථානායකතුමනි,අපේ අර්ථිකයේ ඉතා

දුර්වල කොටස විදේශ ආර්ථික අංශය බැව් කලින් සඳහන් කළ කරුණුවලින් ඔප්පු වෙයි. පසුගිය අවුරුදු 20 තිස්සේ පැවති අපේ විදේශ සම්පත් හා ගෙවීම් ශේ ෂයේ තත්ත්වය ගැන ගිය අයවැය ලේඛන යෙන් මා සම්පූර්ණ විස්තරයක් කළා. 1970 තත්ත්වයත් ඊට වෙනස් නෑ. අප පිටරට යැවූ භාණ්ඩවල මිළ අඩු වීමත්, මෙරටට ගෙන් වූ භාණ්ඩවල මිළ වැඩිවීමත්, විදේශණය කොන්දේසි වඩාත් තද වීමක් නිසා අපේ ආර්ථිකයට නො නවත්වා පහර වැදුනා. අප උපයන ප්‍රමාණය අනුව අපේ හැකියාවන් ඉක්මවා කෙටි කාලීන ණය හා ද්‍රව්‍ය ආධාර මගින් මෙරටට ගෙන් වූ බඩු ප්‍රමාණය ඒ තත්වයේම පවත්වා ගෙන යාම නිසා තවත් අවාසිදායක සාධක යන් දෙකක් දෙකක් පහළ වූවා. ඉන් මුල් සාධකය මෙයයි. ගත් ණය ක්‍රමයෙන්

[blocks in formation]

විසර්ජන පනත් කෙටුම්පත, 1971-72 [ගරු ආචාර්ය එන්. එම්. පෙරේරා] ණය ගෙවීමට වැඩිපුර කල් ලබා ගැනීමට ඇති ඉඩකඩ ඇහිරි ගොස් තිබීම දෙවන හා බරපතලම සාධක යයි. පහත දැක්වෙන කරුණු හා සංඛ්‍යාවන් මීට සෑහෙන තරම් සාක්ෂි දරන්වා.

ලැබුන විනිමය ප්‍රමාණය පදනම් කර ගෙන බලන කල 1970 දී අප ලැබූ අපනයන ආදායම රුපියල් 201 කෝටි 10 ලක්ෂයකි. එය ඊට පෙර අවුරුද්දට වඩා රුපියල් 10

කෝටි 20 ලක‍්ෂයකින් වැඩි මුදලක්. එම ප්‍රමාණය එ අවුරුද්ද සඳහා සකස් කර තිබූ විදේශ විනිමය වැය ලේඛනයට සරි ලන තරම්. විදේශ විනිමය වැය ලේඛනයේ සඳහන් වූ මුදල රුපියල් 200 කෝටි 80 ලක්ෂය යි. අනිත් අතට මෙරටට ගෙන්වූ භාණ්ඩ සඳහා ඇස්තමේන්තු කර තිබූ විදේශ ගෙවීම් රුපියල් 233 කෝටි 60 ලක්‍ෂ යක් වෙයි. එය 1969 මුදලට වඩා රුපියල් 34 කෝටි 90 ලක්ෂයකින් අඩු මුදලක්. මේ නිසා පැන නඟින වෙළඳ ශේෂයෙන් හිඟය වන රුපියල් 32 කෝටි 50 ලක්ෂය 1969 හිඟයට වඩා හරි අඩකටත් අඩුයි.

සේවාවන් සඳහා වූ ගිණුමේ කටයුතු නිසා රුපියල් 14 කෝ ටි 30 ලක් ෂයක හිඟ යක් ඇති වී තිබෙනවා. ඊට පෙර අවුරුද් දේ මේ හිඟය රුපියල් 9 කෝටි 70 ලක්ෂ යක් පමණයි. සේවාවන් ගිණුමේ හිඟය මේ අන්දමින් වැඩි වීමට ප්‍රධාන හේතුව මා කලින් සඳහන් කළ පරිදි පොළි වශයෙන් රුපියල් 9 කෝටි 10 ලක් ෂයක් ගෙවීමයි. එය එසේ වුවත් වෙළඳ භාණ්ඩ හා සේවා වන් නිසා වූ හිඟයත් එකතු වීම නිසා වර්තන ගිණුමේ ඇති වූ හිඟය රුපියල් 46 කෝටි 80 ලක්ෂයක් පමණයි. එය 1969 ඇති වූ රුපියල් 84 කෝටි 30 ලක් ෂයෙ මහා හිඟයට වඩා රුපියල් 37 කෝටි 50 ලක්‍ෂයකින් අඩු මුදලක්. 1969 වර්තන ගිණු මේ වූ මේ රුපියල් 84 කෝටි 30 ලක්ෂයේ හිඟය පසුගිය ආණ්ඩුවෙන් අපට ලැබුණ දෑවද්දක්. අප වැටී තිබෙන ආර්ථික ප්‍රපාත යෙන් රට මුදා ගැනීමට මේ ආණ්ඩුව ස්ථිර අධිෂ්ඨානයකින් හා මුදල් කටයුතු අතින්

[blocks in formation]

අපේ" ගෙවීම් ශේ ෂයේ සම්පූර්ණ සම්පත් හිඟය වූ රුපියල් 112 කෝටි 40 ලක්ෂය පියවීම සඳහා මූලික වශයෙන්

යොදා ගනු ලැබුවේ කෙටි කාලීන ණය හා ද්‍රව්‍ය ආධාරයි. ලබාගත් කෙටි කාලීන ණය රුපියල් 43 කෝටි 40 ලක්ෂයක් වූ අතර, ද්‍රව්‍ය ආධාර රුපියල් 26 කෝටි 30 ලක්‍ෂයක් විය. විදේශ වෙළඳ බැංකුවලින් වැඩිමනත් වශයෙන් ලබාගත් රුපියල් 12 කෝටි 30 ලක්ෂයේ මුදල ද සැපයුම් කරුවන්ගෙ ණය වශයෙන් ලබාගත් රුපියල් 8 කෝටි 50 ලක්ෂයේ මුදල ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගත් විශේෂ ණය හිමිකම් ද ඇතුළත් රුපියල් 13 කෝටි 50 ලක‍්ෂ යක මුදල් ද මේ හිඟය පියවීමට උපකාරී කර ගත්තා. මේ මුදල් සැපයීමේ මාගර්වල යෙදීමේ ප්‍රතිඵලය වූයේ, ද්විපාර්ශ්වික ගිවිසුම් ඇති කරගෙන ඇති විදේශ රටවල් වලට තිබූ අපේ වගකීම් අඩු වෙද්දීත් අපේ විදේශ වත්කම් රුපියල් 2 කෝටි 60 ලක්‍ෂ

විසර්ජන පනත් කෙටුම්පත, 1971-72 ගරු කථානායකතුමනි, 1971 ඇති වී වී තිබෙන ගෙවීම් ශේෂයේ තත්ත්වය ගැන කිසිසේත්ම තෘප්තිමත් වන්නට බෑ. 1971 සඳහා සකස් කර ඇති අපේ ගෙවීම් ශේෂ

යේ කෙළවර ප්‍රතිඵල ඇස්තමේන්තු අනුව අප පිටරට යවන වෙළඳ භාණ්ඩවල වටිනාකම රුපියල් 191 කෝටි 30 ලක්ෂ යක් වනු ඇතැයි ගණන් බලා තිබේ. මේ ගණන් සකස් කර ඇත්තේ වාර්තාගතව ඇති විනිමය අනුවයි. එහෙත් ගිය අවුරුද් දේ මගේ අයවැය කථාවේ සඳහන් කළ පරිදි මූලික ඇස්තමේන්තුව රුපියල් කෝටි 200 ක් වූවා. කීප දෙනකු අළුතින් කොළඹ වෙන්දේසියේ දී තේ මිළදී ගැනීම නිසා අපේ තේවල මිළ තරමක් හොඳ අතට හැරී ඇති නමුදු ලංඩන් වෙන්දේසි යේ එවැනි වෙනසක් සිදු වී නෑ. අප පිටරට යවන තේ ප්‍රමාණය රාත්තල් 44 කෝටි 20 ලක්ෂයක් වෙතැයි බලාපොරොත්තු වෙනවා. නැව් ගාස්තු නො මැතිව රාත්තල රුපියල් 2.45 ගණනේ ගණන් බැලූ කළ ඒ තේ වලින් රුපියල් 108 කෝටි 30 ලක්‍ෂ යක ආදායමක් ලැබෙනවා ඇති. රබර් මිළ ඉතා පහත තත්ත්වයකට වැටී ඇති අතර, ඉදිරි මාස කීපය තුළදී එය සාර්ථක තත්ත වයකට පත්වනු ඇතැයි බලාපොරොත්තු වන්නට බැහැ.

ඒ අනුව ලංකාවෙන් පිට රට යවතැයි බලාපොරොත්තු වන රබර් රාත්තල් තිස් හතර කෝටියට නැව් ගාස්තුව නො මැතිව රාත්තල රුපියල ගණනෙ තබා ගණන් බැලූ කළ රුපියල් 34 කෝටියක පමණ ආදායමක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු මෙවා. ඩොලරයේ තත්ත්වය ආරක්ෂා කර ගනු සඳහා ඇමෙරිකානු ආණ්ඩුව ගෙන ඇති පියවර නිසා අප භාණ්ඩ අලෙවි වන වෙළඳ පොළේ අවුල් තත්ත්වයක් මෙන්ම වෙළඳ පීඩනයක් ද ඇති වීමට ඉඩ තිබේ. ඒ අනුව පොල් පිටරට යැවීමෙන් අපට ලැබෙන ආදායම රුපියල් 29 කෝටියක් පමණ වෙතැයි ගණන් තැබිය හැකියි. නැව් හා ගුවන් යානාවලට තෙල් සැපයීමෙන් ලැබෙන ආදායම් හැරෙන්නට පිට රටවලට යවන අපේ අනිකුත් භාණ්ඩ වලින් රුපියල් 20 කෝටියක ආදායමක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකියි. අනුව සියළුම දේ එකතු කර ගණන් ලබන

මේ

- දෙවන වර කියවීම ආදායමක් අපට අපේ අපනයනයන්ගෙන් ලැබිය හැකි යයි බලාපොරොත්තු වන්නට

Dr.

ගරු කථානායකතුමනි, 1971 දී අප විසින් මෙරටට ගෙන්වනු ලබන වෙළඳ භාණ්ඩ වල වටිනාකම රුපියල් 208 කෝටි 40 ලක්ෂයක් වනු ඇතැයි ගිය අයවැයෙන් බලාපොරොත්තු වුනා. එහෙත් 1970 ඒ සඳහා වැය කළ මුදල වන රුපියල් 233 කෝටි 60 ලක්‍ෂය විශාල අමාරුකම්වලට මුහුණ නොපා සෑහෙන ප්‍රමාණයකින් අඩු

නො කළ හැකි බව මේ අවුරුද්ද තුළදී ඔප්පු වුනා. අමු ද්‍රව්‍ය හා කාර්මික නිෂ්පාදන භාණ්ඩවල මිළ මට්ටම් පිළිබඳව මා මෙහි කලින් සඳහන් කළා. ඒවායේ මිළ ඉහළ යාමේ ගතිය පසුගිය අවුරුදු දෙක තුළ තියුණු ලෙස වැඩිවූවා. එබැවින් මෙර ටට ගෙන්වන භාණ්ඩවල ප්‍රමාණය සැළකිය යුතු තරමට සීමා කළත් මිළ වැඩිවීම නිසා ඒවා සඳහා වැය වන මුදල් ප්‍රමාණයේ සැහෙන අඩුවක් කිරීම කරන්නට අමාරුයි. මේ සියලුම කරුණු ගැන සලකා බලන කල මේ අවුරුද්දේ මෙ රටට ගෙන්වනු ලබන භාණ්ඩ සඳහා රුපියල් 240 කෝටියක් වැය වෙතැයි ක්‍රම සම්පාදක අමාත්‍යාංශය මගින් ගණන් බලා තිබේ. මෙය 1970 වැය වූ මුදලට වඩා රුපියල් 6 කෝටි 40 ලක්ෂය කින් වැඩි මුදලක්. එහි ප්‍රතිඵලයක් වශයෙන් ගුවන් යානා හා නැව් වලට තෙල් සැපයීමෙන් ඉපයූ ආදායම නො මැතිව ඉතිරි වන වෙළඳ ගිණුම් ශේෂයේ හිඟය රුපියල් 48 කෝටි 70 ලක්ෂයක් වෙනවා ඇත. එය ඊට පෙර අවුරුද්දේ දී පැවති හිඟයට වඩා රුපියල් 16 කෝටි 20 ලක්‍ෂය කින් වැඩි මුදලක්. සේවාවන් සඳහා ඇති ගිණුම් ශේෂයේ හිඟය වන රුපියල් 3

කෝටි 50 ලක්ෂයත්, මූල ධන ගිණුමේ ගිණුම් සඳහා ගෙවනු ලබන රුපියල් 91

කෝටි 10 ලක්ෂයත් ඊට එකතු කළ විට මුදල් සැපයිය යුතු මුළු වත්කම් හිඟය රුපියල් 143 කෝටි 30 ලක්ෂයක් පමණ වෙයි. මෙය 1970 වූ රුපියල් 112 කෝටි 40 ලක්ෂයෙ හිඟයත් ඊට පෙර අවුරුද් ද්දේ වූ රුපියල් 123 කෝටි 50 ලක්ෂයේ හිඟ යත් සමඟ සැසඳෙනවා.

යොදා

1971 වත්කම් හිඟය පියවීම සඳහා ගත් ප්‍රධාන මාර්ග වූයේ කෙටි කාලීන ණය

« 이전계속 »